අසනීප නිවාඩු දමා නාන්න ගිය කෘෂි නිලධාරියා ජල රකුසාට බිලි වෙයි

ඊයේ දිනයේ පැවති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අසනීප නිවාඩු වාර්තා කර පැල්මඩුල්ල මරක්කල ඇළෙහි දිය නෑමට ගිය පැල්මඩුල්ල ගොවිජන සේවා කාර්යාලයේ කෘෂිකර්ම හා පර්යේෂණ නිෂ්පාදන අංශයේ සේවය කළ නිලධාරියෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අසනීප නිවාඩු දැමූ නිලධාරීන් විසි දෙනෙකු පමණ මෙම ගමනට එක් වී ඇති අතර, ඔවුන් දියනාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර මියගිය තරුණයාගේ මෘත ශරීරය කහවත්ත රෝහලේ තැන්පත් කර ඇත.
254 Views
Comments