වජිරගෙන් උද්ඝෝෂකයන්ට සැර කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

වජිරගෙන් උද්ඝෝෂකයන්ට සැර කතාවක්

වජිරගෙන් උද්ඝෝෂකයන්ට සැර කතාවක්

කොළඹ දී මාධ්‍ය අමතමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරන්නේ වෘත්තියවේදීන් රට විනාශ කිරීමට කටයුතු කළහොත්, ඊට ඉඩ නොදෙමින් රට ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීම බවයි.

 

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජන සාර්ථක වුවහොත්, රට අවුරුදු 25 ක් ආපස්සට ගමන් කරනු ඇතැයි ද, එලෙස රට විනාශ කිරීමට උත්සාහ කරන අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

දැනුමක් තේරුමක් සහිත පුරවැසියන් බහුතරයක් මෙම වර්ජන සමග එකඟ වී නැති බව පැවසූ ඔහු, වැටුණු රට යළි ගොඩ නැගෙමින් තිබෙන අවස්ථාවක මෙවන් වර්ජන සාර්ථකව සිදු කළ නොහැකි බවද පවසා සිටියේය.

views

216 Views

Comments

arrow-up