සංචාරක හෝටල් හිමියන් යුරෝපයෙන් සංචාරකයන් ඉල්ලයි

සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ, මෙරටට රුසියානු හා චීන සංචාරකයන් විශාල වශයෙන් පැමිණියත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩු මුදලක් බවයි.
රුසියානු හා චීන සංචාරකයන් ගෙන් මේ වන විට හෝටල් පිරී ඉතිරී ගොස් ඇතත් ඔවුන් ඉතා අඩු මුදලක් වියදම් කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් එතරම් ලාභයක් නොලැබෙන බව ද, එහෙයින් යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතු බව ද සංචාරක හෝටල් සංගමයේ ලේකම් සුමිත් උබේසිරි මහතා පවසා සිටී.
රුසියානු සංචාරකයන් වෙරළ තීරය නැරඹීමට පැමිණියත් යුරෝපා රටවලින් පැමිණෙන සංචාරකයන් වෙරළ තීරයට පැමිණීමට අකමැත්තක් දක්වන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඒ හේතුවෙන් බටහිර රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු කියා සිටී.
238 Views
Comments