බූරු මූණාට විශේෂ මානසික පරීක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

බූරු මූණාට විශේෂ මානසික පරීක්ෂාවක්

බූරු මූණාට විශේෂ මානසික පරීක්ෂාවක්

පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

ඔහු අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 20 දා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බව පැවසීමෙන් අනතුරුවයි. විනාඩි 20 ක පමණ කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබා ගන්නා ලෙස පවසා ඇති බව සඳහන් වේ.

 

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හංවැල්ල ප්‍රදේශයේ දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662 ප්‍රමාණයක් සොයා ගැනුණු අතර සැකකරු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පවත්වන්නේ ද යන්න සොයාබැලීම සඳහා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත.

 

සැකකරු මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ පොලිසියක විශේෂ සිරමැදිරියක රඳවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයිද වාර්තා වේ.

views

226 Views

Comments

arrow-up