බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවරත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවරත්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවරත්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය මැයි මස 5,6 සහ 7 තෙදින ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබෙන බව ඊයේ දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කරයි.

 

මැයි මස 5 වන දිනට යෙදෙන වෙසක් පොහෝ දින, ගංගාරාම විහාරස්ථානයේ සිල් සමාදන් කරවීමේ වැඩසටහන පැවැත්වෙන අතර වෙසක් කලාපය කොඩි, ධජ පතාක, අටපට්ටම් කූඩු සහ විදුලි බුබුළු වලින් සැරසීම, මල් පෙරහැර පැවැත්වීම, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් කිහිපයක්ම ඊට සමගාමීව සංවිධානය කර ඇත.

 

බොදු බැති ගී ගායනය ජනාධිපති කාර්යාලය හා ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ගංගාරාම විහාරස්ථානය සහ ජනාධිපති කාර්යාලය අසල වෙසක් දන්සැල් පැවැත්වීමට නියමිතය.

 

සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට මෙම වෙසක් මංගල්‍යය මහඟු අවස්ථාවක් බවත්, යහපත් අරමුණින් යුතුව සංවිධානය කරන මෙවර බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය ආදර්ශවත් වෙසක් මංගල්‍යයක් වනු ඇති බව ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සඳහන් කරයි.

views

308 Views

Comments

arrow-up