නයිකි සමාගමෙන් විශේෂ තීරණයක්

ලෝක ප්‍රකට ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නිෂ්පාදන සමාගමක් වන නයිකි සමාගම විසින් සිය නවතම පාවහන් නිෂ්පාදන සඳහා කැන්ගරු සම යොදා ගැනීම නවතා දමන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සත්ව අයිතීන් සම්බන්ධයෙන් අතිශය සංවේදී පිරිස් වෙතින් එම සමාගමේ සපත්තු සඳහා සත්ව සම් භාවිතා කිරීම පිළිබඳ මතභේදයට තුඩු දෙන කරුණු මතු කර සිටීම නයිකි සමාගමේ මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ.
කැන්ගරු සම් භාවිතය වෙනුවට කෘතිම ද්‍රව්‍යයක් සහිත Tiempo Legend Elite නමින් නව Tiempo පාපන්දු බූට් පෙළක් හඳුන්වාදෙන බව නයිකි සමාගම මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පසුගියදා පවසා සිටි බව වාර්තා වේ.
183 Views
Comments