MAR
16
මුහුදුබඩ දුම්රිය මාර්ගයට අද සිට වෙන දේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතපුම් 14 දරණ ස්ථානයේ දුම්රිය හරස් මාර්ගය අද සිට 19 වන දා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා වසා දමන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක අධිකාරීවරයා පවසා සිටී.
මෙම කාලය තුළ නඩත්තු කටයුත්තක් සඳහා මාර්ගය වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන අතර නඩත්තු කටයුතු සිදු කරන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටී.
196 Views
Comments