යාපනේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය පේදුරුතුඩුව නගරයේ කෝවිල් ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් නිවස ඉදිරිපිට නතර කර තිබූ යතුරු පැදි දෙකකට සහ නිවසටද අලාභ හානි සිදුවී ඇති බව වාර්තා වේ.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් එක් යතුරුපැදියක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර අනෙක් යතුරුපැදියට ද අර්ධ වශයෙන් හානි සිදුවී ඇත.
මෙම ප්‍රහාරයෙන් නිවසටද අලාභානි සිදු වී ඇති අතර මෙම ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කළේ ද යන්න නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බවද වාර්තා වේ.
නිවසේ හිමිකරුවන් විසින් මෙම ප්‍රහාරය සම්බන්ධව පේදුරුතුඩුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
209 Views
Comments