ජනතාව රතිඤ්ඤා දැම්මේ සතුටට බව මහින්ද අමරවීර කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ජනතාව රතිඤ්ඤා දැම්මේ සතුටට බව මහින්ද අමරවීර කියයි

ජනතාව රතිඤ්ඤා දැම්මේ සතුටට බව මහින්ද අමරවීර කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වීමෙන් පසුව රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කළේ ණය මුදලක් අනුමත වීම නිසා නොව වසරක පමණ කාලයක් තිස්සේ පැවති බංකොලොත්භාවයෙන් මිදීමට හැකි වූ නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.

 

 

ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ මූල්‍ය අරමුදල පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවැත්වූ විවාදය අතරතුරදීය.

 

 

මෙලෙස විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමත් සමග මෙරට බැංකු වල ණයවර ලිපි විදේශ බැංකු විසින් පිළිගන්නා තත්ත්වයක් උදා වී ඇති බවත් ඒ හරහා මෙරටට ඉන්ධන, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමේ අවකාශය ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

239 Views

Comments

arrow-up