කසිප්පු මුදලාලිගෙන් අල්ලස් ගන්න ගිය පොලිස් රාළහාමිලාට සිදු වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

කසිප්පු මුදලාලිගෙන් අල්ලස් ගන්න ගිය පොලිස් රාළහාමිලාට සිදු වූ දේ

කසිප්පු මුදලාලිගෙන් අල්ලස් ගන්න ගිය පොලිස් රාළහාමිලාට සිදු වූ දේ

පොලොන්නරුව, කඩවලවැව ප්‍රදේශයේ පදිංචි නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවකුගෙන් රුපියල් 9,000 ක අල්ලසක් ගත් බවට සැකපිට මින්නේරිය පොලිසියේ සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසා සිටී.

 

ජාවාරම්කරුට නිදහසේ තම කටයුතු කරගෙන යාමට අවශ්‍ය නම් අරක්කු බෝතල් තුනක් ලබා දෙන ලෙසට සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් කියා ඇති අතර, තමා ළඟ අරක්කු නොමැති නිසා ඒ වෙනුවට මුදල් ලබා දීමට ජාවාරම්කරු  එකඟ වී ඇතැයි ද වාර්තා වේ.

 

කෙසේ වෙතත්, එම පුද්ගලයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර, පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල්වරයා විසින් එම මුදල් ලබා ගන්නා අවස්ථාවේ වැටලීමක් සිදු කොට පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 

views

238 Views

Comments

arrow-up