ඩොලරයට වැඩේ දෙන්න රටවල් පහක් එක් වෙයි - ළඟදීම විදේශ වෙළෙඳාමට අලුත් මුදල් ඒකකයකුත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඩොලරයට වැඩේ දෙන්න රටවල් පහක් එක් වෙයි - ළඟදීම විදේශ වෙළෙඳාමට අලුත් මුදල් ඒකකයකුත්

ඩොලරයට වැඩේ දෙන්න රටවල් පහක් එක් වෙයි - ළඟදීම විදේශ වෙළෙඳාමට අලුත් මුදල් ඒකකයකුත්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එක්ව ගොඩනගාගත් බ්‍රික්ස් සංවිධානයේ රටවල් අතර වෙළෙඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

රුසියානු - යුක්‍රේන යුද ගැටුම හේතුවෙන් බටහිර රටවල් වලින් රුසියාව වෙත පැනවී තිබෙන ආර්ථික සම්බාධක නිසා ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකය නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවට වාර්තා වන අතර, එළඹෙන අගෝස්තු මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත මෙම රටවල් එකතුවේ වාර්ෂික සමුළුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.

 

රුසියාව මේ වනවිට සිය වෙළෙඳාම් කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට චීනයේ යුවාන් මුදල් ඒකකය වැඩි වශයෙන් භාවිතා කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කොට තිබෙන අතර, පසුගිය වසරේ චීනය සහ රුසියාව අතර රුසියානු සහ චීන මුදල් ඒකක වලින් සිදු කෙරුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 190 ක් පමණ වන බවද වාර්තා වේ.

 

ඉකුත් සතියේ මොස්කව් හිදී රුසියානු ජනපතිවරයා සහ චීන ජනපතිවරයා අතර සිදු වූ හමුවේදී, චීන මුදල් මගින් රුසියාව, අනෙකුත් ආසියානු රටවල් සහ ලතින් ඇමරිකානු රටවල් සමග ගනුදෙනු කිරීමට පසුබිම නිර්මාණය කරගැනීම සඳහා තම පූර්ණ සහය ලබා දෙන බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
 

views

221 Views

Comments

arrow-up