පහළ ගිය ඉන්ධන මිලත් සමග බේකරි කෑම මිලට වෙන දේ මෙන්න

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බවත්, මීට පෙර ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවල දී සහ අඩු වූ අවස්ථාවල දී බේකරි නිෂ්පාදනවල මිල අඩු හෝ වැඩි නොකළ බවත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසා සිටී.
එළඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී, ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීම සඳහා පාන්, කේක් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අනිවාර්යයෙන්ම අඩු කරන බව ද, සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
219 Views
Comments