නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමට කැපවන්නැයි වෛද්‍ය චමල් සංජීව කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමට කැපවන්නැයි වෛද්‍ය චමල් සංජීව කියයි

නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමට කැපවන්නැයි වෛද්‍ය චමල් සංජීව කියයි

මෙරට නිදහස් සෞඛ්‍ය සේවය හරහා තම සෞඛ්‍ය පහසුකම් නොමිලේ සපුරා ගැනීමට ලැබී ඇති අවස්ථාව ජනතාව ලද මහඟු භාග්‍යයක් බව මාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.

 

යම්හෙයකින් සෞඛ්‍ය සේවාවන් පුද්ගලීකරණය කළහොත් සාමාන්‍ය උණ රෝගයක් සුවකර ගැනීම සඳහා රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ දෙක තුනක් වීමට ඉඩ ඇති බවත්, දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගැනීමේ වියදම කෝටි ප්‍රකෝටි ගණන් දක්වා ඉහළ යා හැකි බවත් ඒ මහතා කියා සිටී.

 

මේ හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකගැනීම සියළු දෙනා සතු යුතුකමක් බව ඒ මහතා අවධාරණය කොට සිටී.
 

views

214 Views

Comments

arrow-up