බීමතින් පැමිණ දියණියට ඇසිඩ් ගැසූ පියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

බීමතින් පැමිණ දියණියට ඇසිඩ් ගැසූ පියාට වැඩ වරදී

බීමතින් පැමිණ දියණියට ඇසිඩ් ගැසූ පියාට වැඩ වරදී

බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවය කරන තදින්ම බීමට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙක් තම දියණියගේ හිසට ඇසිඩ් වත්කිරිමට තැත් කළ පුවතක් වාර්තා වේ.

 

නිතර බීමතින් පැමිණෙන මෙම පුද්ගලයා තම දියණියට සහ පවුලේ අයට නිරන්තරයෙන් කරදර හිරිහැර කරන බවටද තොරතුරු ලැබී ඇති අතර, ඔහුගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලද විසිපස් හැවිරිදි දෙදරු මවක් වන දියණිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

දියණියගේ හිසට ඇසිඩ් හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා රෝහල්ගත කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වන අතර, සැකකරු තමා සේවය කරන රබර් කර්මාන්ත ශාලාවෙන් ඇසිඩ් බෝතලයක් සොරා ගෙන එන්නට ඇතැයි පොලිසිය පළ සැක කරයි.

 

සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.
 

views

229 Views

Comments

arrow-up