හොර ඉන්ධන ටැංකියක් යෙදූ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

හොර ඉන්ධන ටැංකියක් යෙදූ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

හොර ඉන්ධන ටැංකියක් යෙදූ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

බණ්ඩාරගම, රඹුක්කන IOC ඉන්ධන පිරවුම්හලක දී ව්‍යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්‍රීරෝද රථයක් පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

                                                                                                                   

අදාළ ත්‍රිරෝද රථයට නියමිත ප්‍රමාණය ඉක්මවා ඩීසල් ලබාදීමට ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුට සිදුවීම සම්බන්ධයෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර පසුව සිදුකළ පරීක්ෂාවේ දී  අදළ ත්‍රිරෝද රථයට ව්‍යාජ ඉන්ධන ටැංකියක් සවිකර ඇති බව සොයාගෙන තිබේ.

 

පොලිසිය සඳහන් කළේ ඩීසල් ත්‍රිරෝද රථයකට සාමාන්‍යයෙන් පිරවිය හැක්කේ ඩීසල් ලීටර් 09ක් බවත් ව්‍යාජ ඉන්ධන ටැංකියක් යෙදූ මෙම ත්‍රිරෝද රථයට ඩීසල් ලීටර් 19ක් පිරවිය හැකි බවත්ය.

 

බණ්ඩාරගම අටුලුගම පදිංචි සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

270 Views

Comments

arrow-up