රැට්ටා ඇතුළු 7ක් රිමාන්ඩ්

කොටුව සහ තලංගම ප්‍රදේශයේදී ජුනි 9 වනදා සහ 10 වනදා පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි හා අදාලව සැකකරුවන් ලෙස ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ
සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළේය.
ඔවුන් මරදාන පොලීසියට විරෝධතා පාගමනකින් පැමිණ භාරවීමෙන් අනතුරුවයි සැකකරුවන්ව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ය.
244 Views
Comments