කොවිඩ් වැළඳීමෙන් පසු නිවසේ රැඳී සිටිය යුතු දින ගණන තවත් අඩු කරයි

මේ වන විට රට තුළ 99%ක් ම පැතිරෙමින් පවතින්නේ කොරෝනාවෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන නමුත් ඉතා ඉක්මනින් සුව වන බැවින් වෛරසය ආසාදනය වී දින 5ක් ගත වන විට සක්‍රීයව පැතිරීමක් සිදු නොවන බව ය.
එබැවින් වෛරසය ආසාදනය වූවෙකු නිරෝධායනයට යටත්ව සිටිය යුතු කාල සීමාව ද මේ වන විට වෙනසකට ලක්ව ඇති බව අද (11) දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව, දින 14ක් ලෙස තිබී පසුව දින 10ක් දක්වා සීමා වී තිබූ නිරෝධායන කාල සීමාව මේ වන විට දින 7ක් දක්වා සීමා වී ඇති බව ඔහු පැවසීය.
එබැවින් රැකියාවල නිරත වූවන්ට දින 7ක කාල සීමාව නිම වූ පසු නැවත සේවයට පැමිණිය හැකි අතර සේවයට පැමිණීමට පෙර යළි පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, දින 7ක කාල සීමාවෙන් පසු කොවිඩ්-19 රෝග ලක්ෂණ දක්නට නොමැති නම් යළි සේවයට වාර්තා කළ හැකි බවය.
763 Views
Comments