අත්හිටුවූ දුම්රිය ආරම්භ කිරීම තවත් ප්‍රමාද වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

අත්හිටුවූ දුම්රිය ආරම්භ කිරීම තවත් ප්‍රමාද වෙයි

අත්හිටුවූ දුම්රිය ආරම්භ කිරීම තවත් ප්‍රමාද වෙයි

අත්හිටුවා ඇති දුරගමන් සේවා දුම්රිය සහ තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නම් නියාමකයන්ගේ හිඟයට විසඳුමක් ලබාදිය යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසුවා.

 

අත්හිටුවා ඇති දුම්රිය ආරම්භ කිරීමට මේ දක්වා තීරණය කර නොමැති බව කී සෙනවිරත්න මහතා ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරගත යුතු බව ද සඳහන් කළා.

 

දුම්රිය ස්ථානධිපතිවරුන්ට නියාමක රාජකාරියේ කටයුතු කිරීමේ අවස්ථාව ලබාදුන හොත් ශ්‍රේණිගත අතර ගැටලුවක් නිර්මාණය වන බවත් ඒ හේතුවෙන් ස්ථානධිපතිවරු නියාමක රාජකාරියට යෙදවිය නොහැකි බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

 

දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් දුරගමන් දුම්රිය සහ තැපැල් දුම්රිය රැසක් මේ වන විට අත්හිටුවා තිබෙනවා.

views

742 Views

Comments

arrow-up