ලිවින් ටුගෙදර් ක්‍රමයට පවුල් කමින් රූමත් තරුණිය මුදලට විකුණලා - එක්දරු පෙම්වතා හා මිලට ගත් පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

ලිවින් ටුගෙදර් ක්‍රමයට පවුල් කමින් රූමත් තරුණිය මුදලට විකුණලා - එක්දරු පෙම්වතා හා මිලට ගත් පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ලිවින් ටුගෙදර් ක්‍රමයට පවුල් කමින් රූමත් තරුණිය මුදලට විකුණලා - එක්දරු පෙම්වතා හා මිලට ගත් පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

රූමත් 17 හැවිරිදි තරුණියක් සමඟ ලිවින්ටුගෙදර් ක්‍රමයට පවුල් කමින් ඇයව තවත් පුද්ගලයින්ට රුපියල් 3500 වැනි මුදලකට විකුණමින් මුදල් ඉපැයූ බව කියන තරුණයෙකු සහ කිහිප අවස්ථාවක ඇයව මිලදීගත් පාසල් සිසුන් දෙදෙනෙකුද සැකපිට ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාඇල, ඒකල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ 19 හැවිරිදි වියේ පසුවන සිසුන් දෙදෙනෙකි.

 

මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ පිය සෙනෙහස අහිමිවූ කඩයප්පන් විකුණා රැකුණ මවකගේ රැකවරණය යටතේ සිටි 17 හැවිරිදි ඇඟලූම් සේවිකාවකි.

 

මෙම 17 හැවිරිදි තරුණිය ඇඟලූම් කම්හලේ සේවය කරමින් සිටියදී 22 හැවිරිදි ප්‍රධාන සැකකරු සමඟ පෙම් සබඳතාවයක් ඇති කරගෙන ඇකි අතර අනතුරුව ඇය තම පෙම්වතා සමඟ ඒකල කුලී නිවසක සිට එකට පවුල් කෑමට පටන් ගෙන ඇති බව පොලිසිය සිදුකල වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

 

ඇය පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වන පරිදි, ටික කලකින් පසු තමාගේ පෙම්වතාගේ බලකිරීම මත ඇයට වෙනත් පුද්ගලයන් සමඟ ලිංගිකව හැසිරීමට සිදුව ඇත. 

 

තම සැමියා විසින් තමා එක් එක් ස්ථානවලට රැගෙන යන අතර යතුරුපැදිවලින් පැමිණෙන විවිධ පුද්ගලයින් තමන්ව රැගෙන යන බවත් ඇය පවසා ඇත. 

 

මෙලෙස කාලය ගෙවී යද්දී තමා ගැබ්ගෙන ඇති බව වැටහීමෙන් පසු පෙම්වතා විසින් ඇයව හැකි ඉක්මනින් කසාද බඳින බව පවසා ඇගේ මවට භාරදී තිබේ.

 

මසක පමණ කාලයක් තුළ එක්දිනක් හෝ තම පෙම්වතා තමා බැලීමට නොපැමිණි හෙයින් තමාට ඔහුව සොයා යෑමට සිදුවූ අතර එහිදී ලද තොරතුරු මත ඔහු දරුවෙකුද ඇති විවාහකයෙකු බව දැන ගැනීමට ලැබුණ නිසාත්, ඔහු සිටින තැනක් සොයා ගැනීමට නොහැකිවූ නිසාත්, තමාට සිදුවී ඇති අසාධාරණයට පිහිට පතා තමා ජාඇල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

views

33463 Views

Comments

arrow-up