රියදුරුගෙන් මිදුණු ලොරිය පාර හරහා පෙරළී ගඩොල් ගෙන ඒමට ගිය එක කුස උපන් අයිය මලෝ මරුට

කැබිතිගොල්ලෑව - පදවිය මාර්ගයේ මහනැටියාව ප්‍රදේශයේදී පසුගාය 20 වනදා සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ සියඹලාගස්වැව, තිත්තගෝනෑව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි ළහිරු නිශාන් කුමාර නම් 28 හැවිරිදි අය සහ අනුරුද්ධ සිසිර කුමාර නැමැති 26 හැවිරිදි එකම පවුලේ සහෝදරයින් වන අවිවාහක තරුණයින් දෙදෙනකි.
රියැදුරාට ලොරිය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ලොරියේ පසුපස ගමන් කළ එම සහෝදරයින් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදුන් සහනාධාර මුදලකින් තම නිවස ඉදිකිරීමට ගඩොල් තොගයක් රැගෙන එමින් සිටියදී මෙම තරුණයන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරියේ ගමන් කළ තවත් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.
10414 Views
Comments