JAN
16
බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තැබූ ප්‍රධාන සැකකරු කොටුවෙයි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් සකස් කරන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එම බෝම්බය තැබීමට ඔහුට වෙනත් පුද්ගලයෙකු මුදල් ලබාදී ඇතැයිද එම නිළධාරිවරයා පැවසීය.
මුදල් ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
891 Views
Comments