සපුගස්කන්ද බලාගාරයෙත් තෙල් ඉවරයි - අදත් විදුලිය කැපෙන ලකුණු

සපුගස්කන්ද බලාගාරයේ ඇති දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ තවත් පැය කිහිපයකට පමණක් බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද නැද්ද යන්න පිළිබඳව අවසාන තීරණය දහවල් කාලයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ වන විටත් අවශ්‍ය දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර එම ඉන්ධන ලැබුනහොත් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත.
කෙසේ නමුත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු එකගතාවයක් පලවී නොමැත.
883 Views
Comments