මන්ද මානසික කතක් අවස්ථා ගණනාවකදී දූෂණය කළ සය දරු පියා බරපතල වැඩ ඇතිව වසර හතකට සිපිරිගෙට

හම්බන්තොට, සිප්පිකුලමේදි වසර හතකට පෙර මන්ද මානසික කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවු පුද්ගලයෙකුට වසර 07ක බරවැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 10,000ක දඩයක් හා අගතියටපත් කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊයේ(14)සවස නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම් සහ දඩ නියම වුයේ හම්බන්තොට සිප්පිකුළම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සය දරු පියෙකුටයි.
මොහු 2014-.11-.01 දින හම්බන්තොට සිප්පිකුලමේ පදිංචි 32 හැවිරිදි මන්ද මානසික කාන්තාවක් අවස්ථා කිහිපයකදි දුෂණය කර තිබේ.
1537 Views
Comments