පොලිසියට දුන් ප්‍රකාශය බොරු! හෝටල් හිමිකාරිය කොටදෙණියාවේ දරුවන් දෙදෙනා මාසයක් තිස්සේ තියාගෙන

අතුරුදහන්ව සිටි කොටදෙනියාව ප්‍රදේශයේ දරුවන් දෙදෙනා පොලිසියට බාර දුන් කාන්තාව සිය නිවසේ ඔවුන් මාසයකට වැඩි කාලයක් රඳවාගෙන සිට ඇති බව කොටදෙනියාව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
පසුගිය 6 වනදා මෙම කාන්තාව දරුවන් දෙදෙනා පොලීසියට බාර දී ඇත්තේ 5 වන දා තාම හෝටලයට පැමිණි බව කියමිනි.
මෙම දරුවන් දෙදෙනා නිවසෙන් පලා ගොස් බාදුරාගොඩ පාසල් බිමේ සැඟවී සිට තිබෙනවා. පාසල් බිමේ තිබූ ගොටුකොළ කඩා ඒවා මිටි බැඳ ගිනිදම්මන ප්‍රදේශයේ වෙළඳසලකට ඔවුන් විකුණා තිබෙනවා.
එම මුදල් වලින් ඔවුන් මුව ආවරණ සහ කඩල මිල දී ගෙන පා ගමනින් මීරිගම දෙසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එසේ යන අතර යතුරුපැදියක් නවතාගෙන එහි නැගී මීරිගම නගරයට ඇති බව ද හෙළිකරගෙන ඇත.
එදින රාත්‍රියේ ආහාර ලබා ගෙන ඔවුන් රාත්‍රී කාලය බස් බස්නැවතුම්පොළේ ගත කර ඇති බවත් පසු දින අලුයම යළි එම වෙළඳසලටම ගොස් උදේ ආහාර ඉල්ලා ඇති බවත් පරික්ෂණවලදී හෙළිවී ඇත.
එහිදී වෙළඳසලේ හිමිකාරිය එම දරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීමේදී තමන් ප්‍රදේශයේ බවත් ආච්චි අම්මා සමඟ නගරයට පෑමිණි බවයි.
පසුව ඇය දරුවන් දෙදෙනා තමාගේ නිවසට ගෙන ගොස් නතර කරගෙන තිබෙනවා. එදින සිට දරුවන් කල් ගෙවා ඇත්තේ එම නිවස තුළය.
මාසයකට පසුව එම කාන්තාව දරුවන් දෙදෙනාට රුපියල් 700ක් ලබාදී නැවතීමට තැනක් හොයා ගන්නා ලෙස දැනුම් දී පිටත් කර ද දරුවන් නැවතත් එම නිවසට ම පැමිණ තිබෙනවා.
පොලීසිය නොමඟ යවමින් දරුවන් දෙදෙනා භාර දී ඇත්තේ ඉන් අනතුරුවයි.
දරුවන් පොලීසියට භාරදුන් යුවලගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතිනවා.
3804 Views
Comments