සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියේ ගැටී ඉංජිනේරුවා දුම්රියට බිලි

පෑලියගොඩ, වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයෙකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටී ඔහු එම ස්ථානයේදීම මිය ගිය බව පෑලියගොඩ පොලිසිය කියයි.
අනතුරින් මෙලෙස මියගොස් තිබෙන්නේ වත්තල, හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරත් සමඟ මෝටර් රථය ගිනි ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
කන්කසන්තුරේ සිට කොළඹ තෙක් ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගය පසු කිරීමේදී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ඇති සියලුම සංඥා ක්‍රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය පවසයි.
975 Views
Comments