කොවිඩ් අස්සේ තවත් භයානක ලෙඩක් - පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන්

ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් - 19 වෛරසය එකවර ආසාදනය වුවහොත් ඇතිවන රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන ඇත.
එම තත්ත්වය නම්කර තිබෙන්නේ ”ෆ්ලෝරෝනා” යනුවෙනි.
මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවක් ඊශ්‍රායලයෙන් වාර්තා වී ඇත.
ඇය ගැබිනියක් බවද වාර්තා වෙයි.
මෙවැනි රෝගී පුද්ගලයෙක් හමුවූ පළමු අවස්ථාව මෙය ලෙස සඳහන්වේ.
ඇයගේ රෝගී තත්ත්වය හඳුනාගෙන තිබෙන්නේ දරු ප්‍රසුතිය සඳහා ඇය රෝහල්ගත කිරීමෙන් පසුව බව සඳහන් විය.
එසේම ඇය කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බවත් බලධාරීන් පවසයි.
වෛද්‍යවරුන් සැක කරන්නේ ”ෆ්ලෝරෝනා” රෝග තත්ත්වය පහසුවෙන් පැතිරයා හැකි බවටයි.
1282 Views
Comments