පාසල් ගිය සිසුවියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මහ මඟ දමා යයි

උතුරු කළුතර ප්‍රදේශයේ සුගත විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි ශිෂ්‍යයාවන් දෙදෙනෙක් පසුගිය 6 වනදා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පානදුර ආසන්න ප්‍රදේශයක දමා ගොස් තිබෙනවා.
පැහැරගැනීමට ලක්වූ දැරියන් උතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවන් ය.
පාසල නිම වී නිවස වෙත පැමිණෙමින් සිටියදී ඔවුන්ව මෙලෙස වෑන් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් නංවාගෙන ගෙන ගොස් ඇති බවයි උතුරු කළුතර පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වන්නේ.
උතුරු කළුතර පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
1123 Views
Comments