සතුටින් 7වන උපන්දින සැමරූ දියණිය රැදුරු ලොරි මාරයාට බිලි වෙයි - ගෑබිණි මව, පියා රෝහලේ

කොස්ගොඩ ඌරගහ මාර්ගයේ පසුගිය 6වනදා සිදුවූ රිය අනතුරකින් 7 හැවිරිදි දියණියක් මියගොස් ඇගේ ගැබිනි මව සහ පියා තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙතුල්‍යා නිශ්ශංක නැමති දැරියයි.
අනතුරින් තුවාල ලද ඇගේ මව සහ පියා මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පියා යාපනය යුද හමුදා කඳවුරේ සේවය කරන අතර මියගිය මෙතුල්‍යාගේ උපන්දිනය සඳහා ඔහු නිවාඩු ලබාගෙන පසුගිය 2වනදා පැමිණ තිබෙනවා.
දැරියගේ මව පස් මස් ගැබිනියකි.
රිය අනතුර සිදුකළ ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට බර වාහන බලපත්‍රයක් නොමැති බවද අනාවරණය වී තිබෙනවා.
ඔහුව ඊයේ බලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
23618 Views
Comments