බණ්ඩාරගමදී පැහැරගත් බව කියූ විශ්‍රාමික සැරයන්ගේ සුරූපි දියණිය ඕඅයිසීට කතා කර සියල්ල වමාරයි - එළියට ආ පුදුම සහගත කතාව මෙන්න

බණ්ඩාරගම, අලුත්ගම විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ නිවසට කඩු පොලු සහිතව කඩා වැදී පැහැරගත් බව කියන 17 හැවිරිදි තරුණිය බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමන් පැහැරගෙන ගියා නොව ස්ව කැමැත්තෙන් ගිය බව පවසා ඇතැයි පොලිසිය පවසයි.
කඩු පොලු රැගෙන විත් නිවසේ දොර ජනෙල් වලට පහරදී ඉදිරිපද දොර කඩාගෙන ඇතුළු වූ පිරිසක් තම දියණිය පැහැර ගෙන ගිය බවට විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකුගේ බිරිඳක් පසුගිය දා පොලිසියට පැමිණිලි කර තිබුණි.
මෙම සිදුවීමෙන් විශ්‍රාමික පොලිස් සැරයන් මෙන්ම තරුණිය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එලෙස පැමිණි තවත් පුද්ගලයෙකු හොර රහසේ කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙහිදී සැරයන්ගේ නිවසේ දොර ජනෙල්වලට භාණ්ඩවලටද විශාල හානියක් සිදුව තිබේ.
කලක සිට තමන් ආදරය කළ පුද්ගලයෙකු සිටියදී මව්පියන් යෝජනාවක් කර ඇති අතර ඔහු නිවසට යාමට ඒමට පටන් ගත් නිසා තමන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිට ඇතැයි එම තරුණිය පොලිසියට සිදුකළ ප්‍රකාශයක සඳහන්වේ.
තරුණිය පැහැරගෙන යාමට පැමිණි පුද්ගලයා පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු බණ්ඩාරගම ප්‍රදේශයේ බස් රථ රියදුරෙකි.
ඔවුන් දෙදෙනාටම පෙරේදා පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
6795 Views
Comments