ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරුසහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරමදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. මුලතිවු සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකියි.

 

මුලතිවු සිට   කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයක් ගනී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

755 Views

Comments

arrow-up