බැංකුවේ දොරටුව කඩා ඇතුළු වුණත් රත්තරන් සහ මුදල්වලට අත තියා නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

බැංකුවේ දොරටුව කඩා ඇතුළු වුණත් රත්තරන් සහ මුදල්වලට අත තියා නෑ

බැංකුවේ දොරටුව කඩා ඇතුළු වුණත් රත්තරන් සහ මුදල්වලට අත තියා නෑ

හොරණ තිබ්බොටුගොඩ පිහිටි සමුපකාර බැංකු ශාඛාවට පෙරේදා (02 දා) අලූයම යම්කිසි පිරිසක් එහි ප‍්‍රධාන දොරටුව කඩා ඇතුළු වී තිබෙනවා.

 

උදෑසන එහි සේවකයන් බැංකුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉදිරි දොර විවෘත කර තිබෙන අයුරු දැක හොරණ පොලිසියට දන්වා ඇත.

 

පසුව එම ස්ථානයට හොරණ පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු අරඹා තිබේ. හොරණ පොලිසියේ නිලධාරීන් පැවසුවේ බැංකුව ඇතුළේ තිබූ රත්තරන් සහ මුදල් අඩංගු සේප්පු දෙක නිරුපද්‍රිතව එම ස්ථානය මත තියෙන බවත්, ඒවා විවෘත කර ඇති බවට සාක්ෂි නොමැති බවත්ය.

 

හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

1139 Views

Comments

arrow-up