රන්ජන්ට අසුන දෙන්න සජබ ලෑස්තියි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

රන්ජන්ට අසුන දෙන්න සජබ ලෑස්තියි

රන්ජන්ට අසුන දෙන්න සජබ ලෑස්තියි

මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට අද ජනාධිපති සමාව ලැබුණොත් ඔහුට නැවත වරක් පාර්ලිමේන්තු අසුනක් ලබා දීමට සමගි ජන බලවේගය මන්තී‍්‍රවරු සූදානමින් සිටිති.

 

රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිවුවහොත් හරීන් ප‍්‍රනාන්දු මහතා පත්කළ මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වී සිය අසුන පරිත්‍යාග කිරීමට සූදානම් බව ප‍්‍රකාශ කර ඇත.

 

ඒ අනුව හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව යළි රැුස්වෙන ලබන 08 වැනිදා සිය මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වීමටත් 09, 10 හෝ 11 යන දින තුනෙන් එකකදී රන්ජන් රාමනායක මහතා නැවත පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දීමටත් කටයුතු යොදා ඇතැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

රන්ජන් රාමනායක මහතාට අද ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට සමගි ජන බලවේගයේ මෙන්ම විපක්ෂයේ බොහෝ දෙනකු ද අපේක්ෂා කරන අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු විවිධ පාර්ශ්ව ඒ සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළහ.

 

විපක්ෂ නායකවරයා ඊයේ (03දා) පෙරවරුවේ ද රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබිණි.

views

1676 Views

Comments

arrow-up