ඇමෙරිකාව මූල්‍ය තත්ත්වය හා එරට ණය ප්‍රමාණය අනුව පහල වැටෙයි

ඇමෙරිකාව ෆිච් ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ත්‍රිපල් ඒ සිට ඩබල් ඒ ප්ලස් දක්වා පහත දමා තිබෙනවා.
ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පවසන්නේ ඇමෙරිකාවේ මූල්‍ය තත්ත්වය හා එරට ණය ප්‍රමාණය අනුව ශ්‍රේණිගත කිරීම්වල මෙලෙස පහල වැටී ඇති බවයි.
ෆිච් ආයතනය ණය සුදුසුකම් තක්සේරු කරන ලොව ප්‍රධානතම ස්වාධීන ආයතන තුනෙන් එකක් ලෙස හැදින්වෙනවා.
එම ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය වසර 20 ක කාලය තුළදී ඇමෙරිකාවේ පරිපාලනයේ පිරිහීමක් දක්නට ලැබෙන බවයි.
මෙය ෆිච් ආයතනයේ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් හදුන්වනවා.
ඇය චෝදනා කරන්නේ 2018 වසරේ සිට 2020 වසර දක්වා යල්පැන ගිය දත්ත මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවටයි.
ආයෝජකයින්ට ණය ශ්‍රේණිගත කිරීම්වල පසුවන ස්ථානය අනුව ණය ලබාදීමේදී කෙතරම් අවධානමක් පවතින්නේද යන්න තක්සේරු කරගත හැකියි.
පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකා භාණ්ඩාගාරයේ මුදල් අවම වීමත් සමග එරට ණය සීමාව ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 31.4 දක්වා ඉහළ දැමීමට ද පියවර ගැනුණා.
197 Views
Comments