අද අලුයම කටුනායකට පැමිණි විශේෂ අමුත්තා කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

අද අලුයම කටුනායකට පැමිණි විශේෂ අමුත්තා කවුද?

අද අලුයම කටුනායකට පැමිණි විශේෂ අමුත්තා කවුද?

සිංගප්පූරුවට අයත් බෝයිං 787-10 වර්ගයේ ලොව නවීනතම ගුවන් යානයක් පළමු වතාවට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

 

 

මෙම ගුවන් යානය ඇමරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් Dreamliner කාණ්ඩය යටතේ නිෂ්පාදනය කර ඇති අතර එහි එකවර මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකිය.

 

 

ව්‍යාපාරික පන්තියේ ආසන 36 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 301 කින් සමන්විත මෙම යානය රෝල්ස් රොයිස් වර්ගයේ එන්ජින් දෙකකින් බල ගැන්වෙයි.

 

 

වසර 53 ක අඛණ්ඩ ගුවන් සේවයක් සපයන සිංගප්පූරු ගුවන් සේවය මෙම නවීනතම යානය යෙදවීම තුළින් මෙරට සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට මෙන්ම ආනයන අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීමට සහයෝගය දක්වන බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පවසා ඇත.

 

 

ශ්‍රී ලංකාව බලා පැමිණි පළමු ගමන් වාරයේදී මගීන් 277 දෙනෙකු රැගෙන ආ මෙම ගුවන් යානය නැවතත් මගීන් 377 දෙනෙකු සමග යළි සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

 

 

තවද අද සිට මෙම යානය සතියට දින 4 ක් එනම් සඳුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා කටුනායක ගුවන් තොටුපොළ සහ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් වල නිරත වන බව වාර්තා වේ.

views

333 Views

Comments

arrow-up