පළාත් පාලන චන්දය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

පළාත් පාලන චන්දය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට

පළාත් පාලන චන්දය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් ලබා නොදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන් දෙනෙකු මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

 

අදාල නියෝගයෙන් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට හානි සිදුවන බව ඔහු සඳහන් කර තිබේ.

 

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන් වේ.

views

213 Views

Comments

arrow-up