අනුරාධපුර රුවන්වැලි මහාසෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7ක් නම් කරමින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ.
ඒ අනුව අදාළ පාර්ශවවලට පසුගිය සතියේ දී අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දුන්න ද කිසිදු පාර්ශවයක් එහි පැමිණ නොමැති බව වාර්තා වෙන්නේ.
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (23) දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
310 Views
Comments