පසුගිය වසරේ රුපියල් කෝටි 40 ක හොර අරක්කු ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සුරාබදු දැලේ - කාන්තාවනුත් 5000 ක් දැලේ

ඉකුත් වසරේ දිවයිනපුරා සිදු කළ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලම් වලින් රුපියල් කෝටි 40 ක නඩු භාණ්ඩ සමඟ සමස්ත සැකකරුවන් 35,381ක් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.
මෙහිදී කාන්තාවන් 5,060 කුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2022 ජනවාරි 01 වැනිදා දින සිට එම වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා දිවයින පුරා සාර්ථක වැටලීම් 35,381 ක් සිදු කිරීමට සමත් වූ බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.
දිවයින පුරා පිහිටි සුරාබදු මධ්‍යස්ථාන 57 ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශ 5 ක් විසින් මෙම වැටලීම සිදු කොට තිබෙනවා.
258 Views
Comments