ලංගම බස් රථයෙන් ඇද වැටි පාසල් සිසුවෙකු මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ලංගම බස් රථයෙන් ඇද වැටි පාසල් සිසුවෙකු මියයයි

ලංගම බස් රථයෙන් ඇද වැටි පාසල් සිසුවෙකු මියයයි

ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයකින් ඇද වැටි පාසල් සිසුවෙකු ඊයේ ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පවසනවා.

 

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නාවලපිටිය උඩහින්තැන්න ප්‍රදේශයේ පදිංචි හසිත දේවින්ද්‍ර නම් වූ 15 හැවිරිදි පාසල් සිසුවෙක් වේ.

 

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඊයේ දින පස්වරුවේ නාවලපිටිය නගරයේ උපකාර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදි නිවස ආසන්නයේදි බස් රථයෙන් බැසිමට උත්සහ කිරිමේදි පාසල් සිසුවා බස් රථයෙන් ඇද වැටි ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පස් කන්දක ගැටි බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය කියා සිටියේ.

 

මෙම අනතුර ඊයේ දින රාත්‍රි 7.00ට පමණ සිදු වි ඇති බවත්, බස් රථය නතර කිරිමට ප්‍රථම පාසල් සිසුවා බස් රථයේ ඉදිරිපස පාපුවරුවෙන් බැසිමට උත්සහ කිරිමේදි පාසල් සිසුවා බස් රථයෙන් ඇද වැටි පස් කන්දේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය සැකකර සිටියේ.

 

බස් රථයේ රියදුරා කුරුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර රියදුරා ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව කුරුදුවත්ත පොලිසිය පැවසුවේ.

 

views

171 Views

Comments

arrow-up