ඇඟිල්ල කපා මුද්ද පැහැරගෙන ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ඇඟිල්ල කපා මුද්ද පැහැරගෙන ගිහින්

ඇඟිල්ල කපා මුද්ද පැහැරගෙන ගිහින්

යාපනයේ, පුවක්කරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ඇගිල්ලක් කපා රන් මුදුවක් සොරා ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

 

මඩකලපුවේ පදිංචි පුද්ගලයෙකු යාපනයේ පිහිටි සිය ඥාතිවරයෙකු ගේ  නිවසකට පැමිණ සිටියදී එම සිදුවීමට මුහුණ පා ඇති බව සඳහන්.

 

එම පුද්ගලයා සිටි ඥාතිවරයාගේ නිවසට පැමිණි හොරු දෙදෙනෙකු ඔහුගේ අතේ ඇඟිල්ලේ තිබු එක් මුද්දක් ගලවා අනෙක් මුද්ද ගැලවීමට නොහැකි තැන ඇගිල්ල කපා රන් මුදුව පැහැර ගෙන ගොස් ඇති බව සඳහන්.

 

හොරුන් විසින් පැහැර ගන්නා ලද මුදු දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවට පොලීසියට පැමිණිලි කොට තිබේ.

 

සිද්ධිය නිසා තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනු ලබනවා.

views

105 Views

Comments

arrow-up