ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායම මුහුණදුන් සිදුවීම් හා ඒ ආශ්‍රිත කරුණු විමසීමට පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් මෙසේ විසුරුවා හැරීමට සූදානමක ඇත.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල ලෙස කල වියදම් සහ ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට නිලධාරීන් 16 දෙනෙකු ඕස්ට්‍රේලියාව බලා යාම මෙන්ම විමර්ශන කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කළ පරස්පර විරෝධී ප්‍රකාශ ද මීට බල පා තිබේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි හය හමාර ඉක්මවූ මුදලක් වියදම් කර තිබේ.
243 Views
Comments