මීගමුවේදී කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි - අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

මීගමුවේදී කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි - අයෙක් මරුට

මීගමුවේදී කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි - අයෙක් මරුට

මීගමුව ආඬිඅම්බලම ප්‍රදේශයේදී රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පළායමින් සිටි දෙදෙනෙක් ට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් තිබේ.

 

අද (23) සවස 2.30ට පමණ මීගමුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යම් කොල්ලයක් සිදුකර පළා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසුපස හඹා ගොස් ඇත.

 

එහිදී යතුරුපැදියේ ගිය පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

තුවාල ලැබූ 25 හැවිරිදි තවත් තරුණයෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

views

241 Views

Comments

arrow-up