“රට වැහුවොත් පඩිත් නෑ” - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් 19 ව්‍යාප්තියේ ඉහළයෑම හේතුවෙන් ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයින්ටද විශාල ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
එවැනි තත්වයකට රට පත් නොකිරීමේ වගකීම ඇත්තේද ජනතාව අතේ බවත් ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක්වී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වා ගත හැකි බවත් හෙතෙම පැවසීය.
වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වෛරස් ප්‍රභේදයද යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා බොහෝ පුද්ගලයින්ගේ හැසිරීම ගැන සතුටු විය නොහැකි බවද කියා සිටියේය.
සමාජය තුළ පැතිර පවතින විවිධ මිථ්‍යා මත හේතුවෙන් තෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට සමහරු මැලිකමක් දක්වන බව පෙනී යන බවත් එවැනි මිත්‍යා මතවලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
647 Views
Comments