මාතර එන්නත්කරණ මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන නිසිලෙස සංවිධානය නොවීම හේතුවෙන් අද (22) එහි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ, 2020 සහ 2021 උසස් පෙළ සිසුන් මෙන්ම 2022 උසස් පෙළ සිසුන්ට එන්නත් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට පාසල් බලධාරීන් කර තිබූ දැනුම්දීම හේතුවෙනි.
පසුව පාසලේදී ශබ්ද විකාශන යන්ත්‍රයක් ආධාරයෙන් දැනුම්දුන්නේ 2022 වසරේ අදාළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එන්නත් ලබානොදෙන බවය.
එහිදී දරුවන් සමග පැමිණ සිටි දෙමව්පියන් සඳහන් කළේ පැය 3ක පමණ කාලයක් රැඳී සිටීමෙන් පසු එලෙස දැනුම්දීමෙන් දැඩි අපහසුතාවයට පත්වූ බවය.
749 Views
Comments