කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන තිහක් සම්පූර්ණයෙන් ඉවතට

කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.
කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව පහත බැස්ම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථානද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම කියා සිටියේය.
කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති බවද පවතින තත්වය ආරක්ෂා කර නොගතහොත් රතු කලාපයට ඉතාම ඉක්මනින් යළි ගමන් කළ හැකි බවද සඳහන් කළේය.
රට පවත්වාගෙන යෑමට යම් සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීතිවලට අනුගතවෙමින් දිගටම කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම කොවිඩ් පාලනය කිරීම සඳහා දායකත්වය දැක්වූ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල නිලධාරීන්, රජයේ වෙනත් අංශවල නිලධාරීන් සහ මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ආයතන සහ ඒවායේ මාධ්‍යවේදීන් දැක්වූ සහයෝගය අගය කරන බවද අන්වර් හම්දානි මහතා පැවැසීය.
743 Views
Comments