ෆෙස්බුක් එකෙන් සෙට්වී තිදරු මවගේ කර මාලයට විදියි - වීඩියෝ කෝල් අරන් උදව් කරන බවත් කියලා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

ෆෙස්බුක් එකෙන් සෙට්වී තිදරු මවගේ කර මාලයට විදියි - වීඩියෝ කෝල් අරන් උදව් කරන බවත් කියලා

ෆෙස්බුක් එකෙන් සෙට්වී තිදරු මවගේ කර මාලයට විදියි - වීඩියෝ කෝල් අරන් උදව් කරන බවත් කියලා

ශ්‍රී ලාංකික පුද්ගලයෙකු විදේශ රටක සිට ෆෙස් බුක් ඔස්සේ බළපිටියේ කාන්තාවක් හඳුනාගෙන ඇයගෙන් රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වංචා කර ඇත.

 

සමාජ මාධ්‍යයෙන් දැන හැදින ගත් මෙම පුද්ගලයා ශී‍්‍ර ලංකාවට පැමිණි විගස නිවස ඉදිකර ගැනීමට මුදල් ලබා දෙන බවත් පවසමින් මාස හයක් පමණ කාලයක සිට බොරු පොරොන්දු දෙමින් ලංකාවට පැමිණීමට ටිකට් එක ගැනීමට අවශ්‍යය බව කියමින් මෙලෙස මුදල් ලබා ගෙන තිබේ.

 

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ බළපිටිය වැලිතර ගුරු නිවාස පාරේ පදිංචි නිලූකා දර්ශනී(46) නැමැති තිදරු මවකි. 

 

“මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයා මුහුදු රක්ෂාව කරන්නේ.

කටාර්වල සිටි නලින් විතාරණ නැමැති අය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පමණ ෆෙස්බුක් එකෙන් හඳුනා ගත්තේ.

ගම අකුරැස්සේ කියලයි කිව්වේ. මාස හයක් පමණ දිනපතා වට්ස්ඇප් වීඩියෝ කෝල් අරගෙන කතා කළා. පවුලේ විස්තර සියල්ල ඔහු දැන ගත්තා.

අපේ ගෙදර සුනාමියට කඩා ගෙන ගියාම සංවිධානයකින් තමයි ගේ හදල දුන්නේ. ගේ කපරාරු කරලත් නැහැ.

වීඩියෝ කෝල් එකෙන් ගේ දැකලා ගෙයි වැඩ ඉවර කර ගන්න උදව් කරන බවත් කිව්වා. ළගදීම ලංකාවට එන බවත් ඒ ආවම අපේ ගෙදර එන බවත් කිව්වා.

අපේ මහත්තයටත් හොද රැකියාවක් සොයා දෙන බව කිව්වා.

මෙහෙම කතා කරද්දී ශී‍්‍ර ලංකාවට එන්න ටිකට් එක ගන්න රුපියල් හතළිස් දහසක් මගෙන් ඉල්ලූවා.

 ලංකාවට ආපු ගමන් සල්ලි ආපහු දෙන්නම් කිව්වා. අනේ මා ළඟ සල්ලි නැහැ කිව්වම මගේ කරේ තිබෙන චේන් එක උකස් කරල සල්ලි ඉල්ලූවා.

මහත්තයා අරගෙන දුන්න මේ චේන් පොට නැති වුණොත් මහත්තයගෙන් ගුටි කන්න වෙයි කියලා කිව්වා.

ඉක්මනින් ආ ගමන් සල්ලි දෙන්නම් කිව්වම මහත්තයට හොරා උකස් තියල එයා කිව්ව ගිණුම් අංකයට සල්ලි දැම්මා.

මගේ කරේ චේන්පොට නැති නිසා මහත්තයගෙන් ගුටි කන්නත් වුණා. නැවත දවසක මගේ ෆොටෝ එකකුත් අරගත්තා ළඟ තියා ගන්න කියලා.

ඊට පස්සේ තව රුපියල් එක් ලක්ෂ තිස්පන් දහසක් මගෙන් ඉල්ලූවා ටිකට් එක ගන්න සල්ලි මදි වුණා කියලා.

මං ළග සල්ලි නැහැ කිව්වම මහත්තයට ෆොටෝ එක පෙන්වනවා කියලා බය කළා. මම පොලියට ඒ සල්ලිත් අරන් දුන්නා.

ඉන් පසු කතා මාත් එක්ක කළේ නැහැ. මම වෙන දුරකතනයකිත් ඇමතුමක් ගත්තම කතා කළා. ම

ගේ සල්ලි ඉල්ලූවම ලංකාවට ආ දවසක දෙන්නම් කිව්වා. මම පොලිසි යනවා කිව්වම පොලිසි යන්න එපා, පත්තරේ දමන්නත් එපා කිව්වා.

ඔහු දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. මේ ගැන තොරතුරක් දන්නවා නම් දැනුම් දෙන්න කියලා ඉල්ලනවා.”

 

යනුවෙන් සිදුවීමට මුහුණදුන් කාන්තාව කියා සිටියාය.

views

1014 Views

Comments

arrow-up