නඩුව පැරදුණැයි උරණව නීතිඥයාට මූත්‍රා ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

නඩුව පැරදුණැයි උරණව නීතිඥයාට මූත්‍රා ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට

නඩුව පැරදුණැයි උරණව නීතිඥයාට මූත්‍රා ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට

නඩුව පරාද වීම හේතුවෙන් උරණව නීතිඥවරයෙකුට සුළුදිය දමා ගැසූ පුද්ගලයෙකු මතුගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

 

දුරකථනයෙන් මතුගම අධිකරණයේ නීතිඥවරයෙකු කරන ලද දැනුම්දීමකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ කළුතර උතුර, කලපුගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙකි. 

 

සැකකරු මීට වසර කිහිපයකට පෙර හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ බව කියන අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇත. 

 

එයින් ඉවත්වන ලෙසට රාජිත සේනාරත්න මහතා කල දැනුම් දීමෙන් පසු අධිකරණයේ නඩුවක් පවරා තිබේ. 

 

පහරකෑමට ලක්වූ නීතීඥවරයා සැකකරු වෙනුවෙන් පෙනී සිට ඇති අතර නඩුව පරාජයට පත්වීමෙන් පසු උරණ වූ සැකකරු තමන් ලබාදුන් මුදල් ඉල්ලා නීතිඥවරයාට මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මුත්‍රාවලින් පහරදී තිබේ.

views

744 Views

Comments

arrow-up