දියණියගේ වියෝවෙන් සිත් තැවුලටපත් මව ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

දියණියගේ වියෝවෙන් සිත් තැවුලටපත් මව ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී

දියණියගේ වියෝවෙන් සිත් තැවුලටපත් මව ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී

රිය අනතුරකට ලක්වී තම දියණිය ජීවිතක්‍ෂයට පත්වීමෙන් සිත් තැවුලට පත්ව සිටි තිස්සමහරාම, මුතියම්මාගම ප්‍රදේශයේ 76 හැවිරිඳි තිදරු මවක් ගෙල වැළලාගෙන පසුගිය 06 වනදින මියගොස් තිබේ.

 

මෙසේ මිය ගොස් තිබෙන්නේ තිස්සමහරාම, මුතියම්මාගම, අංක 1259 යන ලිපිනයෙහි පදිංචිව සිටි කරුණාසීලි සේනාධීර නම් තිදරු මවයි.

 

තිස්සමහාරාම - බෙරලිහෙළ ප්‍රධාන මාර්ගයේ මුතියම්මාගමදී කැන්ටර් ට්‍රක් රථයක් හා ති‍්‍රවිල් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරින් ති‍්‍රවීල් රථ රියැදුරු හා එහි ගමන් කළ මිය ගිය කාන්තාවගේ දියණිය එම ස්ථානයේදීම පසුගිය මස 18 වන දින මිය ගොස් තිබුණි.

 

තම දියණියගේ මරණයෙන් දැඩි සිත්තැවුලට පත්ව සිටි ඇය තම නිවස පිටුපස පිහිටි මඩුවක් තුළදී මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ.

 

මෙලෙස සිය දිවි හානිකර ගත් කාන්තාවගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරික්ෂණය තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරන්ජන් මහතාගේ මූලිකත්වයෙන් තිස්සමහරාම මුලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

views

35499 Views

Comments

arrow-up