එකම පවුලේ අයියා මලෝ කාන්තාවක් සමඟ එක්ව සිදුකල ජාවාරමක තතු හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

එකම පවුලේ අයියා මලෝ කාන්තාවක් සමඟ එක්ව සිදුකල ජාවාරමක තතු හෙළිවෙයි

එකම පවුලේ අයියා මලෝ කාන්තාවක් සමඟ එක්ව සිදුකල ජාවාරමක තතු හෙළිවෙයි

එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු කාන්තාවක් සමඟ මෙහෙයවූ සොර කල්ලියක සිටි සැකකරුවන් සිව්දෙනක් සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙහිදී අයියා අත්අඩංගුවට පත් වී ඇති අතර දැනට සැඟවී සිටින එහි ප්‍රධාන සැකකරු වන මල්ලී සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

 

මේ වනවිට එම සොර කල්ලිය විසින් කොල්ලකන ලද ති‍්‍රරෝද රථ තුනක් සොයා ගෙන ඇති අතර එම ති‍්‍රරෝද රථ තුන මීගහවත්ත, දොම්පේ හා මාබිම යන ප්‍රදේශවලින් කොල්ලකා තිබෙන ඒවාය. 

 

මීට අමතරව මොවුන් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාලද කොල්ලකා ඇත. 

 

තවද මොවුන් විසින් මාබිම ප්‍රදේශයේ වසා තිබූ නිවසකින් වර්ණ රූපවාහිනී දෙකක්, ඕඩියෝ සිස්ටම් ඇතුළු විදුලි උපකරණ සමඟ නිවසේ ගාල් කර තිබු ති‍්‍රරෝද රථයක් ද සොරකම් කර තිබේ.

 

ඒ අනුව එම සොර කල්ලිය විසින් මේ වනවිට කොල්ලකෑ ඇති දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ විසිපහක් පමණ වන බව ගණන් බලා තිබේ. 

 

මංකොල්ලකන රන්මාල උගස් කර තිබෙන්නේ අත්අඩංගුවට ගත් කාන්තාව බව පොලිසිය සඳහන් කරයි. 

 

එම කාන්තාවට හෙරොයින් ජාවාරම් චෝදනාවට අධිකරණයෙන් වරෙන්තුද නිකුත් කර ඇත.

views

3619 Views

Comments

arrow-up