OCT
16
රුසියානු යුද නෞකාවක් සමඟ සබ්මැරීන දෙකක් කොළඹ වරායට - (PHOTOS)

රුසියානු යුද නෞකාවක් සමඟ එරට නාවික හමුදාවට අයත් සබ්මැරීන යාත්‍රා දෙකක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
සැපයුම් ලබාගැනීම සඳහා එම යුද නෞකාව මෙන්ම සබ්මැරීන යාත්‍රා පැමිණ ඇත්තේ, විදේශ අමාත්‍යාංශයේ අවසරය සහිතවයි.
අප කළ විමසීමකදී, කොළඹ වරායේ මෙහෙයුම් නිලධාරියෙකු සඳහන් කළේ, සැපයුම් ලබාගැනීමෙන් පසු එම යාත්‍රා අනිද්දා කොළඹ වරායෙන් නික්මෙනු ඇති බවයි.
1110 Views
Comments