එක්කෝටි පනස් ලක්ෂයක පාඩුවක් රජයට හිමිකර දුන් වට්ටක්කා

2018 වසරේදී අතිරික්තව පැවති වට්ටක්කා තොග මිලදී ගැනීම හේතුවෙන් රජයට රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) සඳහන් කරයි.
මෙම පාඩුව සිදුවී තිබෙන්නේ 2018 වර්ෂයේ මහ කන්නයේ වට්ටක්කා මිලදී ගැනීමේදීය.
එම කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ විධිමත් වගා සැලැස්මක් නොමැතිකම නිසා ඇතැම් බෝගවල අතිරික්තයක් ඇතිවී විශාල අස්වනු හානියක් කලින් කලට සිදුවන බව පෙනී යන බවයි.
නව කෘෂි කර්මාන්ත ප්‍රතිපත්තියක් සකසා එම ප්‍රතිපත්තියේ දළ සැලැස්මක් වහාම ඉදිරිපත් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එම කාරක සභාව හමුවේ පෙනී සිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා දැනුම්දී තිබේ.
එම අවස්ථාවේදී නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බවත් ඒ සඳහා ජනතා අදහස් ලබා ගැනීම මේ දිනවල සිදුකරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී කාරක සභාවට මෙහිදී දැනුම් දී තිබිණ.
එම කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබිණි.
එම වාර්තාවේ මෙම තොරතුරු සඳහන්වේ.
740 Views
Comments